1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED
    CLOSE
NOTICEBOARD

Noticeboard

Centenary Celebrations of the Siri Vajirārāmaya Dhamma School

The single Dhamma class that was started by the Most Venerable Pelene Siri Vajirañāna Mahānāyaka Thera on August 18, 1918 has grown to a Dhamma School of nearly 2000 children and will be celebrating its centenary this year on August 18, 2018. The number of distinguished past pupils, including some of country’s leaders, that received tutelage from the Dhamma School with inspiration from Most Venerable and erudite monks such as Pelene Siri Vajirañāna Mahānāyaka Thera, Nārada Mahā Thera, Madihe Paññāsīha Mahānāyaka Thera, Ampitiye Sri Rāhula Mahā Thera, Piyadassi Nāyaka Thera and Gangodawila Soma Thera are difficult to count. We are aware that this wonderful and unique event will bring much joy and nostalgic memories to all our past students, young and old.

There are close upon 20 projects that are now under way to commemorate the centenary for which a representative Steering Committee has been appointed by the Most Venerable Tirikunāmale Ananda Mahānāyaka Thera, the Vihārādhipati of Siri Vajirārāmaya. Of these, three projects that are being planned are the printing of a commemorative volume to mark the occasion, an exhibition showing the progress of the Dhamma School and the Siri Vajirārāmaya over the past one hundred years, and a commemorative public meeting. For the commemorative publication and the exhibition we are in search for rare photographs and exhibits of archival interest that may be with our past students some of whom are living even abroad. We, hereby, appeal to our past teachers, past pupils and others who have been associating with Siri Vajirārāmaya and the Siri Vajirārāmaya Dhamma School to help us in our publication and the exhibition by lending us any such item that you may possess. We wish to give our solemn undertaking that all such items lent to us will be returned in tact after the event. Please contact us at the following address.

Centenary Celebrations Steering Committee,
Siri Vajirārāmaya Dhamma School, Siri Vajirārāmaya,
Vajira Road, Colombo 04.
Tel: 0115230475, 0714580985, 0714413389.
E-mail: vajiraramaweb@gmail.com, info@vajirarama.lk

සිරි වජිරාරාම දහම් පාසලේ සියවස් සමරු ජයන්තිය

1918 අගෝස්තු 18 දින කුඩා ධර්ම පන්තියක් ලෙස ඇරඹි බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසල 2018 වර්ෂයේ අගෝස්තු 18 දින සියවස් ජයන්තිය සපුර යි. අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහ නාහිමි, අතිපුජ්‍ය නාරද මාහිමි, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, අතිපුජ්‍ය අම්පිටියේ ශ‍්‍රි රාහුල මාහිමි, අතිපූජ්‍ය පියදස්සී නාහිමි, අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි වැනි මාහිමියන් වහන්සේලා ගේ අනුශාසකත්වයෙන් වර්ෂ සියයක් පුරා පවත්වාගෙන ආ සිරි වජිරාරාම දහම් පාසල මගින් රාජ්‍ය නායකයින් ඇතුළුව බිහි කළ කීර්තිමත් ආදි ශිෂ්‍ය-ශිෂ්‍යාවන් සංඛ්‍යාව මහත් ය. මේ සාරාණීය අවස්ථාව දෑ සසුන් හිතැති ඔබ සැම ගේ අමන්දානන්දයට හේතු වනු ඇතැයි අපි සිතමු.

සියවස් සමරු ජයන්තිය නිමිත්තෙන් ව්‍යාපෘති රාශියක් සැලසුම් කොට ඇති අතර එම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා සියවස් සමරු මෙහෙයුම් කමිටුවක් ද සිිරි වජිරාරාම දහම් පාසලේ අනුශාසක සිරි වජිරාරාමාධිපති අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන්වහන්සේ ගේ අනුශාසකත්වයෙන් පත් කොට ඇත. විශේෂ සමරු ග‍්‍රන්ථයක් මුද්‍රණය කිරීමටත් සියවස් සමරු ජයන්ති ප‍්‍රදර්ශනයක් සහ සමරු ජයන්ති උළෙලක් පැවැත්වීමටත් මෙහිලා අපේක්‍ෂිත ය. සමරු ජයන්ති ග‍්‍රන්ථයේ සහ ප‍්‍රදර්ශනයේ කටයුතු සඳහා සිරි වජිරාරාමය සහ සිරි වජිරාරාම දහම් පාසල හා සබැඳි දුර්ලභ ඡායාරූප සහ කෞතුක වටිනාකමකින් යුතු භාණ්ඩ අවශ්‍යව ඇත. දිවයින පුරා සිටින ආදි ගුරු භවතුන්, ආදි ශිෂ්‍යවන් සහ සැදැහැතියන් ළඟ එවැනි ඡායාරූප හෝ භාණ්ඩ වෙතොත් සමරු ජයන්තිය සාර්ථක කර ගැනිම සඳහා නොපමාව ලබා දෙන මෙන් කරුණවෙන් ඉල්ලා සිටිමු. එමෙන් ම එම භාණඩ හෝ ඡායාරූප නැවත ඉතා ම සුරක්‍ෂිතව බාර දෙන බව ද වගකීමෙන් යුතුව දැනුම් දෙමු. පහත ලිපිනය හෝ දුරකථන අංක මඟින් සම්බන්ධ විය හැකි ය.

තෙරුවන් සරණ යි !

සියවස් සමරු ජයන්ති මෙහෙයුම් කමිටුව,
සිරි වජිරාරාම දහම් පාසල, සිරි වජිරාරාමය,
බම්බලපිටිය.
දු.ක: 0115230475, 0714580985, 0714413389.
ඊ-මේල්: vajiraramaweb@gmail.com, info@vajirarama.lk